බලංගොඩ කස්සප හිමිට බේරිල්ලක් නෑ - යළි රිමාන්ඩ්
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා නැවත එළඹෙන පෙබරවාරි 02 වන දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
ඒ අනුව අඳාළ නියෝගය අද(28) දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා ලබා දී තිබෙනවා.
ඉකුත් 19 වනදා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දසදෙනා අද (28) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.