හිටපු මන්ත්‍රී හදිසියේම රුපියල් ලක්ෂ 53ක් ගෙවලා. - ඒ මොකටද කියලා දන්නවද?

Parliament of Sri Lanka Government Of Sri Lanka
By Wayomi Sep 27, 2024 09:56 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමන් භාවිත කළ රජයට අයත් සුඛෝපභෝගී වාහනය අනතුරට ලක්වී වසර 2කට පසු ඒ වෙනුවෙන් අලාභය ගෙවීමට කටයුතු කළා.

ඒ පිළිබඳව පැහැදිළි කළ බස්නාහිර පළාත් සභාවේ ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජේසිංහ මහත්මිය කියා සිටියේ, බස්නාහිර පළාත් සභාවට අයත් අධි සුඛෝපභෝගී වාහනයක් පාවිච්චි කරමින් සිටියදී එය අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන විසින් රුපියල් ලක්ෂ 53.38ක මුදලක් පසුගිය 24 වනදා පළාත් සභාවට ගෙවා ඇති බවයි.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉන්ධන සැපයුම ගැන ජනපති අනුර ගත් විශේෂ තීරණය මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.

ඉන්ධන මිලෙහි කැපී පෙනෙන පහල යෑමක්.- වෙනස් වූ මිල මෙන්න.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාව සිටියදී ඔහුගේ පරිහරණය සඳහා මෙම වාහනය ලබාදී ඇත.

එලෙස ලබාගත් මෙම අධි සුඛෝපභෝගී රථය බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය ආසන්නයේදී පසුගිය 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනකදී අනතුරට ලක්ව ඇති අතර එම වාහනයට වූ අලාභයෙන් රක්ෂණ ප්‍රතිලාභ ලෙස රුපියල් මිලියන 13 කට ආසන්න මුදලක් ලැබී තිබෙනවා.

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)

ජනපති අනුරත් ජීවිත අනතුරක.? - පාර රාජ්‍යය භීෂණය පිටුපස බුද්ධි අංශත්. - ගෝඨා ගේ රහස් සම්බන්ධතාවයත් හෙළි වෙයි. - (VIDEO)

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.

2025 අයවැය පාර්ලිමේන්තුවට.- රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා සහ වාහන ආනයනය ගැනත් විශේෂ තීරණයක්.


එමෙන්ම එම වාහනය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් බස්නාහිර පළාත් සභාවෙන් ගෙවීම් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන ඉල්ලීමක් කළ ද එම ඉතිරි මුදල් ගෙවීම බස්නාහිර පළාත් සභාව ප්‍රතික්ෂේප කළ බවද ලේකම් ධම්මිකා කේ. විජේසිංහ සඳහන් කළා.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

හිතන්නවත් බැරි ගානකින් මෙරට කුකුල් මස් මිල පහලට. - අඩු වන මිල ගණන් මෙන්න.

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.

ජනාධිපති අනුර කුමාර දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවලට සන්නද්ධ හමුදා කැඳවයි. - ගැසට්ටුව නිකුත් කෙරේ.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%