මෙහෙමත් තාත්තලා, බයිසිකලෙන් වැටුණා කියලා දුවට පොරොවෙන් කොටලා මරලා
India
Crime
Murder
Sinhala news
Breaking News
By Kaushi
පියා විසින්ම සිය නව හැවිරිදි කුඩා දියණිය පොරවකින් කොටා ඝාතනය කළ පුවතක් වාර්තා වේ.
ඒ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් දිස්ත්‍රික්කයෙන් බව සඳහන්.
මෙම කුඩා දියණිය බයිසිකල් පදිමින් සිටින අතරතුර එයින් වැටී තිබෙනවා.
මින් කෝපයට පත් වූ ඇගේ පියා දැරිය නිදා සිටියදී පොරවෙන් කොටා මෙසේ ඝාතනය කර ඇති බව පවසයි.
එසේම අඳාළ දැරිය නිතර අසනීප තත්ත්වයෙන් පසු වූ අතර ඇගේ පියා ඒ සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුව ඇති බව ද සඳහන්.
කෙසේ වෙතත් ඔහු මෙසේ තම දියණියව මරා දමා ඇත්තේ බීමතින් සිටින විටදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම ඝාතනයෙන් අනතුරුව පැය 24 ක් ඔහු ඇගේ දේහය පරන්ද තාලුකාවේ ඔවුන්ගේ නිවසේ තබාගෙන ඇති බව ද පවසයි.
ඉන්පසු ලද තොරතුරක් මත පොලිසිය මඟින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.
