ලෝකෙම පිස්සු වට්ටපු විශ්ව රූ රැජිණි තරගයේ මොරීන් හින්ගර්ට් ජීවිතයෙන් සමු ගනී [PHOTOS]

Report

අද (01) දින මොරීන් හින්ගර්ට් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය 1955 මිස් සිලෝන් කිරුළ හිමි කර ගත් අතර 1955 විශ්ව රූ රැජිණ තරඟයේදී තුන්වැනියා බවට ද පත් විය.

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර පදිංචිව සිටි ඇය 1937 ජනවාරි 9 වන දින කොළඹ දී උපත ලබා ඇත.

එසේම ඇය මියයන විට 88 වන වියේ පසු ව තිබෙනවා.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

මොරීන් හින්ගර්ට් මහත්මිය වෘත්තීයමය වශයෙන් නිළියක්, නර්තන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වශයෙන් ද කටයුතු කර ඇති බව වාර්තා වේ.

එසේම විශ්ව රූ රැජිණ තරගයෙන් ඇයට හිමි වූ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තානාපතිවරියක් වශයෙන්ද ඇය ක්‍රියා කර තිබෙනවා.

එසේම විශ්ව රූ රැජිණ තරගයෙන් ස්ථානයක් හිමි වූ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම තරගකාරිය ඇය වීම ද විශේෂත්වයක්.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

මේ අතර ඇය දක්ෂ නර්තන ශිල්පිනියක් හේතුවෙන් ඇය ලොස් ඇන්ජලීස් හි ෂ්‍රයින් ශ්‍රවණාගාරයේ සහ වෙනත් ස්ථාන රැසක ඒක පුද්ගල නර්ථනයන් ඉදිරිපත් කර ඇති බව පවසයි.

ඒ අනුව ඇය යුනිවර්සල් ඉන්ටර්නැෂනල් ස්ටූඩියෝ සහ 20th සෙන්චරි ෆොක්ස් ආයතන මඟින් බඳවා ගෙන ඇති බව සඳහන්.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

අනතුරුව ඇය The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunmen from Laredo, The Rawhide Trail සහ Captain David Grief යන බ්‍රිතාන්‍ය රූපවාහිනී කතා මාලාවන් ඇතුළු කැපී පෙනෙන නිෂ්පාදන රැසකටම රංගනයෙන් සහභාගී වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මොරීන් හින්ගර්ට් මහත්මිය ඈ සතු වූ සුරූපී බවෙන් මෙන්ම හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරයේ බැබළ වූ කාන්තාවක් බව ලියවී අවසන්.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery