ඖෂධ කම්හලක බිහිසුණු පිපිරීමක්, 39 දෙනෙක් ජීවිතක්ෂයට [PHOTOS]
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සංගරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ පිහිටි ඖෂධ කම්හලක පිපිරීමක් සිදුව ඇත.
මෙම පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති අතර, සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව දිස්ත්‍රික් පොලිස් අධිකාරී අද (ජූලි 1) දින Sigachi Industries ඖෂධ කම්හලේ ඇති වූ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව තහවුරු කර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ, “සුන්බුන් ඉවත් කිරීමේදී සිරුරු කිහිපයක් හමු විය. සිරුරු 31 ක් සුන්බුන් වලින් පිටතට ගෙන ඇති අතර තිදෙනෙකු රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියහ. මුදාගැනීමේ මෙහෙයුමේ අවසන් අදියර තවමත් සිදුවෙමින් පවතී,” යනුවෙන්.
එසේම තෙලන්ගානා ප්‍රධාන අමාත්‍ය ඒ. රේවාන්ත් රෙඩ්ඩි තම කැබිනට් මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙක් හා එක්ව මෙම පිපිරීම සිදුවූ ස්ථානයට ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සෞඛ්‍ය අමාත්‍ය සී. දමෝදර් රාජනරසිම්හා විසින් රේවාන්ත් රෙඩ්ඩිගේ සංචාරය තහවුරු කළ බවයි.
එමෙන්ම අවශ්‍ය සියලු සම්පත් රජය මඟින් යොදවා ඇති බව ද ඔහු පවසා තිබෙනවා.
මේ අතර සංචාරයෙන් පසු රේවාන්ත් රෙඩ්ඩි මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත්තේ “මෙය ඉතා අවාසනාවන්ත සිදුවීමක්. අපගේ අමාත්‍යවරුන් ඊයේ කළමනාකාරිත්වය සමඟ කතා කළා, රජයේ නිලධාරීන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම සමඟ සම්බන්ධීකරණය කළා,” යනුවෙන්.
එසේම ඔහු තහවුරු කරමින් කියා තිබුණේ මියගිය බොහෝ දෙනා බිහාර්, ඔඩිෂා, මධ්‍ය ප්‍රදේශ් සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන අසල්වැසි ප්‍රාන්තවලින් බවයි.


