ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

Gamini Lokuge Sri Lanka Politician Gossip Today Death Sinhala news
By Kaushi Jul 01, 2025 12:13 PM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකා දේශපාලනය තුළ නම ගිය දේශපාලන චරිතයක් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්‍ත වුණා. ඒ ගාමිණී ලොකුගේ මහතායි.

දශක හතරක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විධායක ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ කැබිනට් අමාත්‍ය ධූර දැරූ ගාමිණී කුලවංශ ලොකුගේ මිය යන විට 82 වන වියෙහි පසු වුණා.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්ව සිටි ඔහු පසු කාලයේ මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කරමින් තම දේශපාලන ගමන් මග වෙනස් කළා. එදා පටන් මිය යන තෙක්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේව බොහෝ අය හඳුන්වන්නේ කැස්බෑවේ සිංහයා ලෙසයි.

කෙසේ වෙතත් ඔහුගේ අභාවය පිළිබඳව පුවත සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ මේ වන විටත් ඒ පිළිබඳව විවිධ අදහස් ගලා එනවා.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

යමෙක් මියගිය විට ඔහුගේ ගුණ කථනය සාමාන්‍ය වුවත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බහුතර අදහස් ගාමිණී ලොකුගේ මහතාට දැක්වූ ගුණ කථන නම් නොවේ.

ඔහුගේ දේශපාලන ජීවිතය තුළ ඔහු කළ බව කියන විවිධ අක්‍රමිකතා සහ අපරාධ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් දක්වන අදහස් මේ වන විටත් බොහෝ අය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හරිමින් සිටිනවා.

ඉන් ඇතැම් අය ඔහුගේ වැරදිවලට දඬුවම් නොලැබුණු බව සඳහන් කරන්නේ ඉන් පෙර ඔහු මිය යාම පිළිබඳ නොසතුටද පළ කරමින්.

කෙසේ වෙතත් මේ වන තෙක් ගාමිණී ලොකුගේට එරෙහිව විවිධ චෝදනා එල්ල වී තිබුණ ද එම චෝදනා කිසිවක් විමර්ශනය කළ බව හෝ අධිකරණයක විනිශ්චයට ලක්වූ බවක් දැන ගන්නට ලැබී නැත.

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

බයික් පදින සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

ඇතැම් විට එය බලය සතුවූ තවත් එක් දේශපාලන චරිතයක් වූ නිසා විය හැක.

කෙසේ හෝ ගාමිණී ලොකුගේ මේ වන විට මිය ගොස් අවසන් ය. ඔහුගේ ගුණ වයන සුළුතරයක් ඇත.

එහෙත් ගැටළුව නම් බහුතරය වයන්නේ ගුණ නොවීමයි. ඔහුව ඇතමෙක් කැස්බෑවේ සිංහයා ලෙස හඳුන්වන විට තවකෙක් කැස්බෑවේ මැරයා, ත්‍රාඩයා යන නම්වලින් ඇමතීම ගැටළුවකි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යයේ ඇතැම් සටහන්වලින් පෙනෙන්නේ බලය ඉදිරියේ යුක්තිය වුවද ප්‍රමාද බවයි.

කෙසේ වෙතත් ගාමීණී ලොකුගේ නීතිය ඉදිරියට නොආවද ඔහු කළ දේ සියල්ල රැගෙන නික්ම ගොස් අවසන් ය. 

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

යුරේනි අද හින්දි නිලියක් වගේ පිස්සු හැදෙන පොටෝශුට් එකක්

ReeCha