අපි බයයි කියල හිතුවද? මහින්ද කියන්නෙම බ්‍රෑන්ඩ් එකක්.. - අනුරට රිදෙන්න ලක්ෂ්මන් කියයි

Anura Kumara Dissanayaka Lakshman Yapa Abeywardena Mahinda Rajapaksa Latest Headlines Sinhala news
By Shehan May 18, 2025 07:15 AM GMT
Shehan

Shehan

Report

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ, 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් තමාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව තමා සතුටු වන බවයි.

ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතීම වෙනුවෙන් නඩුවක් පැවරීම ගැන තමා සතුටට පත්වන බවයි.

ලක්ෂ්මන් යාපා වැඩිදුරටත් පැවසුවේ,

නව විදුලි ඒකකවල මිල ගණන් මෙන්න

නව විදුලි ඒකකවල මිල ගණන් මෙන්න

“මහින්ද රාජපක්ෂ මහතා රට නිදහස් කළ නිසා ආයෝජන රැසක් ලැබුණා. එවැනි නායකයෙකුට සුබ පැතීමට නඩුවක් වැටුණා යැයි කීමෙන් මම සතුටු වෙනවා. පුවත්පත් දැන්වීමක් පළ කිරීම නිසා නඩු පැවරුවත්, අපි ඒ නඩුවට මුහුණ දෙනවා. නමුත් අපේ දේශපාලන ගමන නතර කළ නොහැකියි. මේකෙන් අපි තවත් ජවයක් ලබනවා.

මැතිවරණයට මුදල් වියදම් කළාට හෝ පෝස්ටර් ගැසුවාට කිසිදු නඩුවක් නැහැ. මාධ්‍යවලින් දැනගත්තා, මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ආයෝජන මණ්ඩලයේ අමාත්‍යවරයා හැටියට මා විසින් පුවත්පත් දැන්වීමකට අනුමැතිය දී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. සාමාන්‍යයෙන්, ආයතනයක් පුවත්පත් දැන්වීමක් සඳහා අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබා ගන්නවා. ඒ අනුව නීත්‍යානුකූලව කටයුතු කරනවා. මට තවම අධිචෝදනාපත්‍රයක් ලැබී නැහැ.

මෙම දැන්වීම තුළින් ආයෝජන මණ්ඩලයට අලාභයක් සිදුවූ බව චෝදනාවයි. එදින ආයතන 52කින් පුවත්පත් 52ක දැන්වීම් පළ වී තිබුණා. ඒවා අතරින් මෙය පමණක් ඉදිරියට ගත්තේ ඇයිදැයි මම නොදන්නවා. මෙම දැන්වීම්වල සඳහන් වූයේ, 2009දී යුද්ධය අවසන් කිරීමෙන් පසු ලංකාවට ආයෝජන ලැබුණු ආකාරයයි. 2009 සිට 2012 දක්වා අමාත්‍යවරයා හැටියට මම වැඩිපුරම ආයෝජන ගිවිසුම් අත්සන් කළා. ඒ එකකින්වත් මට දූෂණ චෝදනාවක් නැති බව ගැන මම අද සතුටු වෙනවා.”

"උඹ අනුන්ගේ සීනි කිරන්න එපා" රැඳවුම් භාරයේ සිටින ‘හරක් කටා’ගෙන් එස්.අයි.ට තර්ජන

"උඹ අනුන්ගේ සීනි කිරන්න එපා" රැඳවුම් භාරයේ සිටින ‘හරක් කටා’ගෙන් එස්.අයි.ට තර්ජන

කෙසේ වෙතත්, 2014 නොවැම්බර් 19 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් දැන්වීම් පළ කිරීම තුළින් රුපියල් 1,748,877.76ක පාඩුවක් රජයට සිදුකළ බවට චෝදනා කරමින්, දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු දෙදෙනෙකුට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ. 

පාසල් සිසුන්ට නිවේදනයක් !

පාසල් සිසුන්ට නිවේදනයක් !

ReeCha