පාසල් සිසුන්ට නිවේදනයක් !

Ministry of Education G.C.E.(A/L) Examination Sri Lankan Schools Sinhala news
By Hashan May 17, 2025 07:05 AM GMT
Hashan

Hashan

Report

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු  හැදෑරීම සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

ඒ අනුව වෘත්තීය වියෂ ධාරාව යටතේ 12 ශ්‍රේණියේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කර 13 ශ්‍රේණියේ දී  වෘත්තීය විෂයන්ගෙන් එකක් තෝරා ගෙන 04 මට්ටමමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් සම්පුර්ණ කිරීමට මෙහි දී සිසුන්ට අවස්ථාව ලබා දී ඇත.   

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවයි.

පළාත් පාලන ආයතන බලය පිහිටුවීම ගැන ඇමති සරත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

පළාත් පාලන ආයතන බලය පිහිටුවීම ගැන ඇමති සරත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කෙසේ නමුත් මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියා.   

මේ සඳහා ඇතුළත් වීමට කැමති සිසුන් අපේක්ෂිත පාසලේ විදුහල්පති හට අයැදුම්පතක් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටිනවා උසස් පෙළ සිසුන්ට නිවේදනයක් 

ReeCha