සමාජ මාධ්‍ය කැළඹ වූ තර්ජනාත්මක වීඩියෝව කළා යැයි සැකපිට පුද්ගලයෙක් CIDයට...

CID - Sri Lanka Police Nihal Talduwa Media Social Media slpresidentialelection
By Parami Dissanayake Sep 10, 2024 04:40 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තර්ජනාත්මක ප්‍රකාශය සිදුකළ බව කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කර තිබෙනවා.

මෙලෙස තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත්තේ, ජාතික ජන බලවේගයේ බව කියන ආධාරකරුවන් පිරිසක් අතර සිටි පුද්ගලයෙකි.

රතිඤ්ඤා දැමූ බවට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

රතිඤ්ඤා දැමූ බවට සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා,

"ඔහු 47 හැවිරිදි කිරිබත්ගොඩ පදිංචි පුද්ගලයෙක්. හිටපු යුද හමුදා මේජර්වරයෙක්. අදාළ හඬපටය මේ වනවිට රජයේ රස පරීක්ෂකවරයාට යොමුකර තිබෙනවා... ඉදිරි විමර්ශනවලට අදාළව.".