හිටපු පොහොට්ටු සභාපති අත්අඩංගුවට
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ උදාර මධුශංඛ පෙරේරා නමැත්තා අද (16) දින ආණමඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඳාළ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මොහු පොලිස් ස්ථානය තුළදී අශෝබන ආකාරයට හැසිරීම හේතුවෙන් බව වාර්තා වේ.
අඳාළ හිටපු සභාපතිවරයා මධ්‍යම රාත්‍රියේදී තම මෝටර් රථයෙන් පොලිස් ස්ථානයට ඇතුළු වී මෝටර් රථයේ එන්ජිම මහ හඬින් ක්‍රියාත්මක කරමින්, පොලිස් නිලධාරීන් අපහසුතාවට පත් කරමින් හැසිරී ඇති බව සඳහන්.
එසේම ඔහුගේ හැසිරීම පිළිබඳව විමසීමට පැමිණි පොලිස් නිලධාරියෙකුටද ඔහු බැණ වැදී ඇති බව පවසයි.
ඒ අනුව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාව මෙසේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.