ශ්‍රී ලංකාව ගැන, යුරෝපා සංගමයෙන් නිවේදනයක්

Report

වත්මන් ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට ශ්‍රී ලංකාව දරණ උත්සාහයට සහාය වන බව යුරෝපා සංගමය යළි තහවුරු කර තිබේ.ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකාරී කණ්ඩායමේ 06 වන රැස්වීමේදී යුරෝපා සංගමය මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීම මෙන්ම දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳව ද ශ්‍රී ලංකාව මෙහිදි යුරෝපා සංගමය දැනුවත් කරනු ලැබීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම පිළිබඳව යුරෝපා සංගමය අදාළ සාකච්ඡාවේ දී සිය කනස්සල්ල පළ කර ඇති අතර එය ක්‍රියාත්මක කර අත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවේ දී පමණක් බව ශ්‍රී ලංකාව ප්‍රකාශ කර ඇත. ජී.එස්.පී. ප්ලස් බදු සහනය සම්බන්ධයෙන් ද මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now