කාලගුණය මාරාන්තික වෙයි - ප්‍රංශයේ පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට
By Kaushi
ප්‍රංශයට බලපා ඇති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ බටහිර යුරෝපයට සහ පෘතුගාලයට බලපා ඇති තාප තරංග තත්ත්වය හමුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති බවයි.
කෙසේ වුවද ප්‍රංශයේ මියගිය පිරිස අතර අධික උණුසුමෙන් ආරක්ෂා වීමට පිහිණුම් තටාකවල බැස සිටියදී දියේ ගිලීමෙන් ද පුද්ගලයින් කිහිපදෙනෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ.
ඊට අමතරව එංගලන්තයෙන් ද මේ වසර තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඊයේ (25) දිනයේ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.