ETF මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් - මූල්‍යාධාර ලැබීමට මේ දිනයට පෙර අයදුම්පත් යොමු කළ යුතු බව දන්වයි

Report

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETF) මඟින් එහි “නිපුණතා සවිය” ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ, අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින ක්‍රියාකාරී සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් රුපියල් 50,000 දක්වා මූල්‍යාධාර ලබා දෙන බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සුදුසුකම් ලත් සිසුන්ට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම් 3, 4 සහ 5 හි පිළිගත් ආයතන මඟින් පවත්වනු ලබන වෘත්තීය පුහුණු වැඩසටහන් 100 න් එක් පාඨමාලාවක් තෝරා ගත හැකි බව සඳහන්.

එමෙන්ම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය අවධාරණය කළේ මෙම ආධාරය ණයක් නොවන බවත් එය ආපසු ගෙවීමක් අවශ්‍ය නොවන බවත් ය.

සේවය කිරීමට කැමැත්තක් දක්වන සියලුම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයසේ වෙනසක්... ජනපතිට ලිපියක්

සේවය කිරීමට කැමැත්තක් දක්වන සියලුම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයසේ වෙනසක්... ජනපතිට ලිපියක්

මෙහි අරමුණ වන්නේ දේශීය හා විදේශීය රැකියා අවස්ථා විවෘත කරමින්, කුසලතා පූර්ණ පරම්පරාවක් නිර්මාණය කිරීමට සහාය වීමයි.

2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබූ, දු දරුවන් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැදවීමේ අවසන් දිනය 2026 ඔක්තෝම්බර් 30 දින වන අතර, මේ සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමු කළ යුතු බව දන්වයි.

මේ පිළිබඳ සවිස්තර තොරතුරු සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව සඳහන්.

රාජ්‍ය සේවයෙන් පත්වීමක් එනකල් බලන් හිටපු අයට සුබ ආරංචියක් - අනිද්දා ඉඳන් මේ හැමෝටම පත්වීම්

රාජ්‍ය සේවයෙන් පත්වීමක් එනකල් බලන් හිටපු අයට සුබ ආරංචියක් - අනිද්දා ඉඳන් මේ හැමෝටම පත්වීම්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

Gallery