සේවය කිරීමට කැමැත්තක් දක්වන සියලුම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයසේ වෙනසක්... ජනපතිට ලිපියක් [VIDEO]

Report

ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ ඊයේ (13) දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් භාර දී තිබෙනවා.

ඒ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට රජය පියවර ගන්නේ නම්, සේවය කිරීමට කැමැත්තක් දක්වන සෙසු රාජ්‍ය සේවකයන්ට ද එම අයිතිය ලබා දෙන මෙන් ඉල්ලමින්.

එම අවස්ථාවට එක් වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමෙන් රාජ්‍ය සේවයට ප්‍රයෝජනයක් අත්වන්නේ නම්, එම වරප්‍රසාදය අධිකරණ ක්ෂේත්‍රයට පමණක් සීමා කිරීම අසාධාරණ බවයි.

විශ්‍රාම වයස වෙනස් කරයි.. විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් නිසා රටම බලා සිටි තීරණය ගැන දැනුම්දීමක්

විශ්‍රාම වයස වෙනස් කරයි.. විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන ඉල්ලීම් නිසා රටම බලා සිටි තීරණය ගැන දැනුම්දීමක්

ඒ අනුව, "විනිසුරු අසුන්වල සේවා කාලය දීර්ඝ කරන්නේ ඔවුන්ගෙන් රාජ්‍ය සේවයට ප්‍රයෝජන ගැනීමට නම්, ඇයි ඒ අවස්ථාව අධිකරණ ක්ෂේත්‍රයට විතරක් සීමා කරන්නේ? රාජ්‍ය සේවයේ සමානත්වය තිබිය යුතුයි. ඒ නිසා තමන්ගේ තනතුරුවල තවදුරටත් සේවය කරන්න කැමති සියලුම රාජ්‍ය සේවකයන්ට මේ අවස්ථාව ලබා දිය යුතුයි," යනුවෙන් ඔහු පැවසුවා.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් වන සිය යෝජනා සහ ඉල්ලීම් ඇතුළත් ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දීමට එම පෙරමුණේ නියෝජිත පිරිසක් ද කටයුතු කර තිබුණා.

රන් මිල යළිත් උඩු යටිකුරු වෙයි - උඩ ගිය වේගෙටම පවුම් පිටින් බිමට බැස්ස අද රන් මිල ගණන් මෙන්න

රන් මිල යළිත් උඩු යටිකුරු වෙයි - උඩ ගිය වේගෙටම පවුම් පිටින් බිමට බැස්ස අද රන් මිල ගණන් මෙන්න

අද සිට ජූලි 20 වන තෙක් බල පැවැත්වෙන විශේෂ සතියක් - මුළු දිවයිනම ආවරණය වන පරිදී ක්‍රියාත්මක බව දන්වයි

අද සිට ජූලි 20 වන තෙක් බල පැවැත්වෙන විශේෂ සතියක් - මුළු දිවයිනම ආවරණය වන පරිදී ක්‍රියාත්මක බව දන්වයි

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක් - අග්‍රහාර රක්ෂණය ගැන දැනුම්දීමක් - ජූලි 31න් අවසන්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,