"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

Report

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා ලබාදී ඇති අවසන් දිනය 2026 නොවැම්බර් 30 වැනිදා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) බදු ගෙවන්නන්ට සිහිපත් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට නීත්‍යනුකූලව බැඳී සිටින සියලුම පුද්ගලයන් නියමිත කාලසීමාව අවසන් වීමට පෙර අදාළ වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය බදු ගෙවන්නන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදු කළ හැකිය.

එමෙන්ම, දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.ird.gov.lk වෙත පිවිසීමෙන් ද මේ සම්බන්ධ අමතර තොරතුරු ලබාගත හැකිය.

Gallery