ආන්දෝලනාත්මක එප්ස්ටයින් ලිපිගොනුවල ලංකාව ගැනත් විස්තර - භයානක තොරතුරු එළියට [PHOTOS]
මේ වෙනකොට මුළු ලොවම කම්පා වෙමින් කතා කරන එකම මාතෘකාව එප්ස්ටයින් ලිපිගොනු. මොනවද මේ එප්ස්ටයින් ලිපිගොනු? ජෙෆ්රි එඩ්වඩ් එප්ස්ටයින් නම් පුද්ගලයෙක් ඔහුගේ ධනය හා බලය භාවිතා කරලා අතිශය පහත වැඩක් කරන්න පටන් ගන්නවා. ඒ ඔහු විසින් අතිශය කුඩා ගැහැණු හා පිරිමි දරුවන් පැහැරගෙන ගොස් විකෘති ලිංගික ආසාවන් තියෙන ලෝක බලවතුන් වෙනුවෙන් වෙනම ලෝකයක් හදන්න පටන් ගන්නවා. ජෙෆ්රි එප්ස්ටයින් විසින් මේකටම කියලා වෙනම දූපතක් සල්ලි දීලා ගන්නවා.ඒ එප්ස්ටයින් දූපත සාමාන්‍ය ලෝකේ කරන්න බැරි නීතිවිරෝධී හා විකෘති ආශාවන් ඉෂ්ට කරගන්න පුළුවන් තැනක් බවට පත් කරනවා.
මේ දූපත සහ මේ සිදුවීම මේ තරම් ප්‍රශ්ණයක් වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ ඒ දූපතට ඇවිත් තියෙන්නේ එසේ මෙසේ අයනම් නෙමෙයි. දවසක් 14 හැවිරිදි ගැහැණු දරුවෙක් ලිංගිකව අපයෝජනය කළ බවට ලිංගික අපරචාර චෝදනාවකට අහම්බෙන් වගේ එප්ස්ටයින් පොලිසියට අහුවෙනවා. එතනින් පොලිසිය හොයාගන්නවා මේ සම්පුර්ණ දූපත ගැනම. ඒකෙන් පස්සේ එප්ස්ටයින් සිරගත වෙනවා. පුදුමය කියන්නේ 2019 අගෝස්තු 10 හිර ගේ ඇතුලේ එප්ස්ටයින් ගෙල වැළලාගෙන සිය දිවි නසා ගන්නවා.
මේ ප්‍රශ්ණය දෙදහස් ගණන් වල ඇමරිකාවේ ලැව් ගින්නක් වගේ පැතිරෙනවා.මොකද එයාලා හිතනවා ඒ දූපතට ගිය ලෝක බලවතුන් එකතුවෙලා එයාලව බේරගන්න එප්ස්ටයින්ව මැරුවා කියලා.හැබැයි මේක කටකතාවක් විතරයි.ඇමරිකාව විසින් ඔහු සියදිවි නසාගත් බව පවසා ඊට සාක්ෂිද ඉදිරිපත් කර ඒ නඩුව අවසන් කරනවා.ඒත් එක්කම ජනතාවට පාරට බැහැලා එප්ස්ටයින් හා සම්බන්ධ සියලු තොරතුරු එලියට දාන්න කියලා කැරලි කරනවා. අවසානයේ ඇමරිකානු අධිකරණය විසින් ඒ තොරතුරු ජනතාවට හෙළිකරන්න නියෝග කරනවා. මේ වෙනකොට කොටස් වශයෙන් එප්ස්ටයින්ගේ ලිපිගොනු ලෝකයට හෙළි වෙමින් පවතිනවා.
ඒ ලිපිගොනු වල අන්තර්ගතයට අනුව දැනට හෙළි වෙන නම් තමයි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බිල් ගේට්ස් , හිටපු ජනපති බිල් ක්ලින්ටන් සහ නෝර්වේ ඔටුන්න හිමි කුමරිය වන මෙට්-මැරිට්, බ්‍රිතාන්‍ය කුමරු ඇන්ඩෘ, එලෝන් මස්ක් ඇතුළු සුපිරි ලෝක බලවතුන් , ජනප්‍රිය ගායික ගායිකාවන් හා නලුනිලියන් රැසක්. මේ දූපත තුළ ලෝකය වටා පැහැරගෙන ආ කුඩා දරුවන්ව ලිංගික හිංසනය කර ඔවුන්ව සාතාන්ට පූජා කර විවිධ ශාන්ති කර්ම කර අවසානයේ බොහෝ බිළිදුන්ගේ ජිවිත අහිමි කල බවත් මෙම ලිපිගොනු ගවේෂණය කල පුද්ගලයන් සමාජ මාධ්‍ය තුල වාර්තා කරනවා.
ඔවුන්ගේ අරමුණ දරුවන්ව ලිංගික අතවර කිරීම පමණක් නෙමෙයි පිරිසිදු ශුද්ධ දේවල් අපිරිසිදු හා අශුද්ධ කිරීම අරමුණ බවත් ඊට අතිශයින් පිවිතුරු දරුවන් යොදාගත් බවත් ඇමරිකානු සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා. . මීට අමතරව ලෝක මුස්ලිම් ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර වුනු සෞදි අරාබියේ මක්කාහි පිහිටි කාබා නම් දේවස්ථානයට භාවිතා කල කිස්වා නම් කළු තිරයද මොවුන්ගේ බලය භාවිතා කොට ඔවුන්ගේ දූපතට ගෙන්වා ඇති බවත් තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව පසුගිය ජනවාරි 31 එප්ස්ටන්ගේ අලුත්ම ලිපිගොනු ටිකක් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලයට මුදා හරිනවා. එම ලිපිගොනු මගින් එප්ස්ටයින් ඇතුළු පිරිස ලෝක දේශපාලන පිළිබදව අවධානයෙන් සිටි බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් වෙත අවධානය යොමු කල බවත් පේනවා. එහිදී ඔවුන් අන්තර්ජාතික දේශපාලන සංවිධාන විසින් නිකුත් කරපු ආසියානු රටවල් කිහිපයක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලේඛන එක්රැස් කරපු බවක් පේනවා.
ඒ ලේඛන වල ශ්‍රී ලංකාවේ පැවති ඊලාම් යුද්ධය පිලිබදවත්, ඉන්පසු ඇතිවූ මුස්ලිම් ගැටුම් පිලිබදවත්, බොදුබල සේනාව පිලිබදවත් සදහන්ව තියෙනවා. මීට අමතරව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිලිබදව පවසන ලේඛණද ඔවුන් සන්තකයේ තිබිලා තියෙනවා.ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා පිලිබදවත් තොරතුරු රැස් කර තියෙනවා. මීට අමතරව ලංකාවේ සිදුකළ ඇතැම් හමුවීම් හා පුද්ගලයන් සම්බන්ධ ඊ මෙයිල් පණිවිඩද ඒ තුළ වනවා. එප්ස්ටයින් ලිපිගොනු තුල ශ්‍රී ලංකාව යන නමද 188 වතාවක් සදහන්ව තියෙනවා.
මෙම එප්ස්ටයින් පිලිගොනු හි නම සදහන් වුණ පමණින් ඔවුන්ද ජෙෆ්රි එප්ස්ටයින්ට සම්බන්ධ පුද්ගලයන් විදිහට අදහස් වෙන්නේ නැහැ. නමුත් එවැනි පිරිසක් ශ්‍රී ලංකාව පිලිබදවත් ශ්‍රී ලාංකික දේශපාලකයන් පිලිබදවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදවත් අවදානය යොමු කරලා තියෙනවා කියන දෙය පැහැදිලියි.
මේ වෙනකොට අදාල ලිපිගොනු මිලියන ගණනක් DOJ විසින් නිකුත් කරලා තියෙනවා වගේම අවසාන නිකුත් කිරීමේදී පිටු මිලියන තුනක් ජායාරුප 180,000 ක් සහ වීඩියෝ 2,000 ක් නිකුත් කරලා තියෙනවා. නමුත් තවමත් ලෝක බලවතුන් අදාල සාක්ෂි බොරු බව පවසමින් මගහරින අතර ශ්‍රී ලාංකික ජනතාව වශයෙන් ලෝකයේ වර්තමාන සිදුවීම් පිලිබදව තම අවදානම යොමු කරමින් තම දරුවන් ආරක්ෂා කිරිමත් අත්‍යවශ්‍ය කරුණක් වෙලා තියෙනවා.


