අසිරිමත් නත්තල අද
නත්තල හෙවත් නත්තල් දිනය සමරනු ලබන්නේ නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උප්පත්තියයි.
ඒ අනුව නත්තල් දිනය වෙනුවෙන් නූතනයේ චාරිත්‍ර බොහොමයක් කරනවා.
අප දන්නා නත්තල සමරන්නේ දෙසැම්බර් 25 නිසා බොහෝ දෙනකුගේ අදහස වන්නේ නත්තල සැමරීම සඳහා වෙන් වී ඇති එක ම දිනය එය බව යි. කෙසේ වෙතත් විවිධ රටවල මුල්බැසගෙන තිබෙන එකිනෙකට වෙනස් සංස්කෘතීන් නිසා සමහර රටවල දෙසැම්බර් 25 ට අමතර ව වෙනත් දිනවල ද නත්තල සමරනවා.
ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද කටයුතු කළ උත්තමයෙක් සේ ලෝවැසියෝ පිළිගන්නා කරුණක්.
ඒ අතර අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල මහා මංගල දේව මෙහෙයන් ඇතුලු අනෙකුත් මෙහෙයන් පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් කිහිපයක් වෙනවා.

ඒ වගේම නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි.
දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබෙන වග අප දන්නා කරුණක්.

ලොව පුරා කිතුණුවන් සමරන නත්තල තුළ ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යය වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදාගැනීම,පරිත්‍යාගය, අන්‍යෝනය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනය පිළිබඳ පණිවුඩයත් ඇතුළත් වෙනවා.
ඔබ දන්නවාද ලෝකයේ පළමුවෙන්ම නත්තල උදාවුනේ නවසීලන්තයටයි.නවසීලන්තයේ කිතුනු බැතිමතුන් ඉතාමත් ප්‍රීතියෙන් මෙම අසිරිමත් නත්තලේ උදාව සමරලා තියනවා .ඔය විදිහට ලංකාවෙත් ඉතාමත් බැති සිතින් කිතුණුවන් නත්තල සමරනවා.
ලොකු කුඩා හැම හැම දෙනෙක්ම ආස කරන ආදරේ කරන කාරණයක් තමයි සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා .

ඉතිං නත්තල් සීයා තෑගි ගෙන ඒම ප්‍රසිද්ධයි. මෙලෙස නත්තල් සීයා හඳුන්වන්නේ අතීතයේ ජීවත් වුනු සාන්ත නිකලස් තුමාවයි.
මේ විදිහට ලොව පුරා බොහෝ දෙනෙක් ආදරයෙන් ගෞරවයෙන් සමරන නත්තල් දිනය දෙසැම්බර් 25 එනම් අද දින උදා වෙලා.
සාමයේ පණිවිඩය රැගත් නත්තල සමරන සැමටම සතුට පිරුණු සුබ නත්තලක්....