නවකවදයට තිත, සියලු හිංසනයන්ට විරුද්ධව රජයෙන් අලුත් වැඩක්

By Kaushi Jun 24, 2025 04:53 PM GMT
Kaushi

Kaushi

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක් පත් කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව මෙම කාර්ය සාධක බළකාය පත් කිරීමට පියවර ගෙන ඇත්තේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත බව සඳහන්.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය ඉන් තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛ අරමුණක් බව දක්වන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් එම කාර්‍ය සාධක බලකායේ අරමුණ දක්වා ඇත.

එනම් නවකවදය මෙන්ම ශිෂ්‍යන් වෙත ශිෂ්‍යන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නතර කිරීමයි.

මේ අතර එහි සාමාජිකයින් ලෙස පහත නියෝජිතයින් පත්කර ඇත.

1. මහාචාර්ය කේ.එල්.වසන්ත මහතා - උප සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

2. මහාචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය - අධ්‍යක්ෂ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය සදහා වන මධ්‍යස්ථානය,(CGEE) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි

3. මහාචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය -සාමාජික, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

4. මහාචාර්ය විජය ජයතිලක මහතා - CGEE ආයතනයේ හිටපු සාමාජික

5. ආචාර්ය සයුරි පෙරේරා මහත්මිය - මනෝ චිකිත්සක අධ්‍යනාංශය,වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

6. ශානිකා මලල්ගොඩ මහත්මිය - ජාතික ළමාරක්ෂක අධිකාරිය

7. අප්සරා කල්දේරා මහත්මිය - අතිරේක ලේකම්,අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය

8. ගුණදාස සමරසේකර මහතා - අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය

9. ආචාර්ය චින්තක පෙරේරා මහතා - අධ්‍යක්ෂ,බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

පැයයි ගියේ විරාමෙට බම්බු ගහගන්න කියලා ඉරානෙන් ඊශ්‍රායලට තවත් බිහිසුණු ප්‍රහාරයක්

10. ඒ.ජී.ඒ.ජාලිත කුමාර මහතා - අධ්‍යක්ෂ,ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය-කොළඹ 15

11. ජේ.පී.විජයතිලක ජයසිංහ මහතා - කොළඹ විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක නියෝජනය

12. ඩබ්.ඒ.ඒ.වේරහැර මහතා - පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල විනයාරක්ෂක අංශ නියෝජනය

13. කවිදු බිම්සර මහතා - ලේකම්, මහා ශිෂ්‍ය සංගමය, කොළඹ විශ්වවිද්‍යාලය. නීති පීඨ ශිෂ්‍ය.

14. සජිනි වත්සලා මෙනෙවිය - ලේක්ම්, මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලය. නීති විද්‍යාල ශිෂ්‍ය.

15. පොලිස්පතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු

16. නීතිපතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

මෙරට විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් සහ සංස්කෘතියක් නිර්මාණය කිරීම ඇතුළු තවත් බොහෝ කාර්යන් අඳාළ කාර්ය සාධක බළකායෙන් සිදුකිරීමට බලාපොරොත්තු වේ.

එසේම සිදුවීම් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමකට පමණක් සීමා නොවී හිංසනය සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර වටපිටාවක් උසස් අධ්‍යාපන ආයතන අභ්‍යන්තරයේ නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් ජාතික වැඩපිළිවෙළක් මත සංවිධානය කිරීම වැනි කරණුද මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

එමෙන්ම ඉදිරියේදී එම බළකාය යටතේ විශ්වවිද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටුවීමට ද යෝජනා වී ඇති බව පවසයි.  

නිවාඩුවලටත් මට අමාත්‍යංශයෙන් ගෙව්වා, දීමනා ඇතෑරියෙත් නෑ ආනන්ද විජේපාල කැත නැතුව පිළිගනී

නිවාඩුවලටත් මට අමාත්‍යංශයෙන් ගෙව්වා, දීමනා ඇතෑරියෙත් නෑ ආනන්ද විජේපාල කැත නැතුව පිළිගනී

ReeCha