කොළඹ ආශ්‍රිතව රථ වාහන ගමනාගමනය සීමා කරයි
බෝරා සමුළුව පැවැත්වීම සඳහා කොළඹ ආශ්‍රිතව රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මෙම සමුළුව ජූනි 25, 27 සහ ජූලි 05 යන දිනවල බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව, ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
මෙයට විශාල බෝරා බැතිමතුන් පිරිසක් සහභාගී වීමට බලාපොරොත්තු වන නිසා, එම දිනවල උදෑසන 7.00 සිට රාත්‍රී 10.00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමේ සිට ඩී. ආර්. විජේවර්ධන මාවතට කන්ටේනර් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුව ඇතැම් රථවාහනවලට ඇතුළුවීම සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය මෙහි පහතින් දැක්වේ.
