ඊශ්‍රායලය සටන් විරාමය රැක ගතහොත්, අපිත් රකිනවා - ගැහුවොත් ගහනවා - ඉරාන ජනපති

Report

මැදපෙරදිග ආතතීන් ඉහළ යමින් පවතින පසුබිමක, ඉරාන ජනාධිපති මසූද් පෙෂෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලය (සියොන්වාදී පාලනය) සටන් විරාමයට ගරු කරන්නේ නම්, ඉරානයද එය උල්ලංඝනය නොකරන බවයි.

මෙම ප්‍රකාශය ඔහු විසින් සිදු කර ඇත්තේ මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රාහිම් සමඟ පැවති දුරකථන සංවාදයකදී වන අතර, එය ඉරාන ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ද සඳහන් කර ඇත.

ඉරානෙට ගහන්නෑ ගුවන් යානා රවුමක් ගහලා ආපහු එනවා ට්‍රම්ප්ගෙන් සටහනක්

ඉරානෙට ගහන්නෑ ගුවන් යානා රවුමක් ගහලා ආපහු එනවා ට්‍රම්ප්ගෙන් සටහනක්

මේ අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, Air Force One යානය තුළදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ "පාලන තන්ත්‍ර වෙනසක්" තමන්ගේ අපේක්ෂාවක් නොවන බවයි.

එවැනි පාලන තන්ත්‍ර වෙනසක් හේතුවෙන් අස්ථාවර තත්ත්වයක් ඇති විය හැකි බව ඔහුගේ විශ්වාසය බව එහිදී සඳහන් කර ඇත.

කටාර් වලට ගහලා කෝල් කරලා සොරි කියපු ඉරාන් ජනපති

කටාර් වලට ගහලා කෝල් කරලා සොරි කියපු ඉරාන් ජනපති

කෙසේ වුවත්, දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය සටහනකින් ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් පිළිබඳ ඉඟි කළ ට්‍රම්ප්ගේ මෙම නවතම ප්‍රකාශය, ඔහුගේ පෙර ස්ථාවරයට පරස්පර බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

රනිල් පෞද්ගලික සංචාර කියලා රට ගියෙත් ‍රජ‍යේ මුදලින්ද ? CIDයෙන් විමර්ශන

රනිල් පෞද්ගලික සංචාර කියලා රට ගියෙත් ‍රජ‍යේ මුදලින්ද ? CIDයෙන් විමර්ශන