ජනතාවගේ අයිතිය තමයි රහස් ඡන්දය - ටී.බී. සරත්

By Shehan Jun 24, 2025 11:46 PM GMT
Shehan

Shehan

Report

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යනු රහස් ඡන්දය බවත්, මන්ත්‍රීවරුන්ට ද එම රහස්‍යභාවය තිබිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

රහස් ඡන්දය ලැබුණු පසු, සභා ගොඩනැගීම සඳහා හැකියාව ඇත්තේ රාජ්‍ය බලය ඇති පක්ෂයට යැයි සිතන මන්ත්‍රීවරුන්ට බලය හිමි පක්ෂය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ජාතික ජන බලවේගය සභාවල බලය පිහිටුවන බවත්, සුන්බුන් එකතු කිරීමක් සිදු නොවන බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ReeCha