සටන් විරාමය කැඩුව නිසා ඊශ්‍ර්‍රායලය ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරලා [PHOTO]
Sinhala news
By Kaushi
ඊශ්‍රායලය ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කර ඇති බවට වාර්තා වේ.
ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය කඩකළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බවයි.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය
මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ දුරකථන සංවාදයකින් පසුව තවදුරටත ප්‍රහාර එල්ල නොකළ බවයි.
ඉරානය සහ ඊශ්‍රායල යුද්ධයට සටන් විරාම ගිවිසුමකට එකඟ වූ බව දන්වා සිටි අතර ඉන් සුළු මොහොතකට පසු එය කඩ කරමින් ඉරානය ඊශ්‍ර්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට ඊශ්‍රායාලය චෝදනා කර සිටියා.
එසේ වුවද අඳාළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ඉරානය පවසා තිබුණේ ඔවුන් ප්‍රහාර එල්ල නොකළ බවයි.
මේ බව ඉරාන සන්නද්ධ හමුදාවේ ජෙනරාල් කාර්ය මණ්ඩලය, රාජ්‍ය මාධ්‍ය හරහා නිකුත් කළ කෙටි ප්‍රකාශයකින් දන්වා තිබුණා.

අපි ගැහුවේ නෑ, මේක කුමන්ත්‍රණයක් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර ගැහුව චෝදනාව ඉරානය දැඩිව ප්‍රතික්ෂේප කරයි
