සේවක අර්ථ සාධක අරමුදල (EPF) ගැන ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්.
මේ වන විට සේවක අර්ථ සාධක අරමුදලට අදාළව හිමිවන සියයට 9ක ප්‍රතිලාභය එහි සාමාජිකයන් සඳහා ඉදිරියටත් ලබා දෙනු ලබයි.
ඒ බව ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටියේ ය.
බදු පැනවීමක් සිදුවන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සතු මුදල් සඳහා නොවන අතර අරමුදල සතු මුදල් ආයෝජන කිරීමෙන් පසුව ලබන ලාභයට සියයට 14ක ප්‍රතිශතයක් ලෙස පමණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි එකඟතා අනුව සහ ණය හිමියන් සමග ඇති කරගත් එකඟතා මත මේ වනවිට විදේශීය ණය ප්‍රශස්ථකරණය කිරීමේ කටයුතු සූදානම් බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදල අයිති වන මහ බැංකුව ස්වාධීන ආයතනයක් හේතුවෙන් එයට කිසිදු හානියක් සිදු නොවන බව විශ්වාසයෙන් පැවසිය හැකි බව ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත් අරමුදල සම්බන්ධව කිසිදු තීරණයක් කම්කරු අමාත්‍යාංශය හරහා නොගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.