මාලිමාව ඇල්පිටියේ පුංචි ආණ්ඩුව ගත්තේ හොරකමට තිත තියන්න…දැන් හොරා කනවා

Report

මාස හයකට පෙර ජාතික ජන බලවේගය බලය පිහිට වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව මේ වන විට තණ කොළ කපන මැෂිමට දමන 2T තෙල් ටිකෙන් පවා හොරකම් කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් චෝදනා කරයි.

උතුරු ජනතාවට ජනපතිගෙන් පොරොන්දුවක්

උතුරු ජනතාවට ජනපතිගෙන් පොරොන්දුවක්

එම ප්‍රාදේශීය සභාවේ වාර්තා අනුව තණකොළ කපන මැෂිමට පෙට්‍රල් ලීටර් 428ක් සඳහා රු. 127 926ක මුදලක් ද 2 T සඳහා රු. 32065ක් ද වැය කොට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

තණකොළ කපන මැෂිමකට 2T දමන්නේ ලීටරයකට මිලි ලීටර 20ක් බවත් ඒ අනුව 2T අවශ්‍ය වන්නේ ලීටර 9ක් පමණ බවත් ඒ සඳහා වැය වන්නේ රු. 12150ක් බවත් සාගර කාරියවසම් ප්‍රකාශ කරයි. පසුගිය පාලන සමයේ සභාවේ ඉතිරි කළ මුදලින් මාලිමාණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රචාරණ කටයුතු කිරීම හැර මාස හයක් තිස්සේ ජනතාව වෙනුවෙන් එම ප්‍රාදේශීය සභාව කිසිවක් කර නොමැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.