පාර්ලිමේන්තුවටත් තරග වදින ඇල්පිටියේ මාලිමා සභාපති...

Latest Headlines
By Sewvandhi Oct 27, 2024 01:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස නිශාන්ත පෙරේරා මහතා පත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ. මේ බව අද (27) ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ධීවර සම්මේලනයේ සභාපති රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය.

නිශාන්ත පෙරේරා මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්ව තිබූ අතර ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ කොට්ඨාශ 17 න් 15 ක ජය ජාතික ජන බලවේගයට හිමි විය.

ඔයාගේ කතා අහන්න ආවෙ නෑ..යනව හලෝ යන්න..ජනහමුවකදී නාමල් ඉදිරියේදීම සීබී ට හු තියයි..(VIDEO)

ඔයාගේ කතා අහන්න ආවෙ නෑ..යනව හලෝ යන්න..ජනහමුවකදී නාමල් ඉදිරියේදීම සීබී ට හු තියයි..(VIDEO)

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ බහුතර බලය නිශාන්ත පෙරේරා මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට හිමි විය. නිශාන්ත පෙරේරා මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.

ඒ මහතා 2004 වර්ෂයේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කොට දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරි පත්විය.

ඉන්ධන අර්බුදයක්..ළඟදීම රට තුළ වෙන්න යන දේ..මිලත් ඉහළ යනවද..?

ඉන්ධන අර්බුදයක්..ළඟදීම රට තුළ වෙන්න යන දේ..මිලත් ඉහළ යනවද..?

නිශාන්ත පෙරේරා මහතා ලබන නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදීද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයට ඉදිරිපත්ව සිටී.