ඔයාගේ කතා අහන්න ආවෙ නෑ..යනව හලෝ යන්න..ජනහමුවකදී නාමල් ඉදිරියේදීම සීබී ට හු තියයි..(VIDEO)
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින පස්වරුවේ කොත්මලේ පුඩළුඔය නගරයේ ජන හමුවක් පැවැත්වුණා.
මෙහිදී රැස්විමට සහභාගි වු හිටපු පා.ම සි.බි රත්නායක මහතා සභාව ඇමතිමට උත්සහ කිරිමේදි පාක්ෂිකයන්ගේ විරෝධය මතු වි ඇත.
මෙම රැස්විම සංවිධානය කර තිබුණේ, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂකයන් හදුන්වාදිම සදහායි.
එහිදි සි.බි රත්නායක මහතා රැස්විම ඇමතිමට සුදානම් විමත් සමග පාක්ෂිකයන් කෑගසමින් කියා සිටියේ තමන් පැමිණියේ නාමල් රාජපක්ෂ මහතාගේ කතාව ඇසිමට පමණක් බවත්, සි.බි රත්නායක මහතාගේ කතාව ඇසිමට නොවන බවයි.
මද වේලාවක් එම උණුසුම් තත්ත්වය පැවති අතර පසුව නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් විමෙන් පසු සි.බි රත්නායක මහතා රැස්විම අමතනු ලැබුහ.
එහි දර්ශන පහතින්...