"මට අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා, එලොන් ශුක්‍රාණු දෙන්න ඉදිරිපත් වුණා - සිලිකන් නිම්නය කැළඹූ ෂිවොන්ගේ සාක්ෂිය

Report

ඉලෝන් මස්ක්ගේ දරුවන් හතර දෙනෙකුගේ මව වන සහ OpenAI හි හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන ෂිවොන් සිලිස්, මස්ක් සමඟ ඇති තම පෞද්ගලික සම්බන්ධතාවය සහ එය දරුවන් ලැබීම දක්වා වර්ධනය වූ ආකාරය පිළිබඳව එක්සත් ජනපද අධිකරණයකදී කරුණු අනාවරණය කර තිබේ.

OpenAI සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ඉලෝන් මස්ක් ගොනු කර ඇති නඩුවට අදාළව කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් නගරයේ ෆෙඩරල් අධිකරණයකදී පැය ගණනක් සාක්ෂි ලබාදෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ෂිවොන් සිලිස් පවසා ඇත්තේ, තමන්ට මවක් වීමට දැඩි කැමැත්තක් තිබූ අවස්ථාවක ඉලෝන් මස්ක් විසින් ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බවයි.

ෆ්‍රීලෑන්සර්වරුන්ට ජය මංගලම් - PayPal හරහා ලංකාවට සෘජුවම මුදල් ගෙන්වීම ඇරඹේ

ෆ්‍රීලෑන්සර්වරුන්ට ජය මංගලම් - PayPal හරහා ලංකාවට සෘජුවම මුදල් ගෙන්වීම ඇරඹේ

“මට ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න ඕන වුණා. ඒ කාලේ එලොන් ඒ යෝජනාව කළා, මම ඒක පිළිගත්තා” යනුවෙන් ඇය අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, මස්ක් තමන් වටා සිටින පුද්ගලයින්ට දරුවන් ලැබීම සඳහා දිරිගැන්වූ බවද ඇය සඳහන් කර ඇත.

ෂිවොන් සිලිස් වසර 15කට වැඩි කාලයක් Silicon Valley තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කර ඇති අතර, ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා සහ Neuralink සමාගම්වලද විධායක තනතුරු දරා ඇත.

ඇය 2016 වසරේදී OpenAI සමඟ උපදේශකවරියක් ලෙස සම්බන්ධ වූ අතර, එම කාලයේදී තමන් මුලින්ම ඉලෝන් මස්ක් හමුවූ බවද සිලිස් සඳහන් කළාය.

මෙම සාක්ෂි සහ හෙළිදරව් කිරීම් OpenAI හි ආරම්භක අවධියේ තීරණ, සමාගමේ ව්‍යුහමය වෙනස්කම් සහ මස්ක්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානයක් දිනාගෙන තිබේ.

කොළඹ වාහන තදබදයට තිත - වරාය පිවිසුම ගාලු මුවදොරට යා කෙරේ, මැරීන් ඩ්‍රයිව් මොරටුව දක්වා

කොළඹ වාහන තදබදයට තිත - වරාය පිවිසුම ගාලු මුවදොරට යා කෙරේ, මැරීන් ඩ්‍රයිව් මොරටුව දක්වා

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්

2027 සිට පාසල් සහ විභාග කාලසටහන්වල ලොකු වෙනසක්