ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන් වසා දැමේ
ගල් පෙරලීම් සහ ගස් කඩා වැටීමේ අවදානම හේතුවෙන් නමුණුකුල හරහා ඇල්ල - පස්සර මාර්ගය වසා දමා තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ, මෙම තීරණය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවන ආපදා අවම කිරීමට ගත් පියවරක් බවයි.
එමෙන්ම ,දිවයිනට බලපා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබෙනවා.
කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, සහ රන්ටැඹේ, යන මහවැලි ජලාශ වල වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් මහවැලි ගග දෙපස සිටින ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
උඩවලව ජලාශය ද වාන් දොරටුවක් අද විවෘත කෙරුණු අතර, එහි ජලය වලවේ ගඟට මුදා හැරෙනවා. කෙසේ වෙතත් සෙසු ජලාශ වල ඉහළ ගිය ජල මට්ටම් මේ වන විට අඩු වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම, බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, සහ කෑගල්ල, මාතලේ, මෙන්ම, නුවරඑළිය, රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති නායයැම් අනතුරු ඇගවිමේ නිවේදනය හෙට පස්වරු 4 දක්වා දිර්ඝ කර තිබෙනවා.
මේ අතර, ඉදිරි පැය 36 දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |