දුම්මල ගහලවත් එලවන්න බැරි නිසා ඇමති නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කරලා ..

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ඔහු මිය යෑමට පෙර රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර දෙන ලෙස ඒ මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතත් නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

සහෝදරයාගේ අනියම් බිරිදගේ බාල වයස්කාර දියණියට කල අපරාධය..

සහෝදරයාගේ අනියම් බිරිදගේ බාල වයස්කාර දියණියට කල අපරාධය..

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන එම නිල නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කළ බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.එම නිවසට අදාල ගෙවල් කුලිය පවා ගෙවා නැති බවයි පැවසෙනුයේ.

නායයාමකින් මාර්ගයක් අවහිර වෙයි.. විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දීමක්..

නායයාමකින් මාර්ගයක් අවහිර වෙයි.. විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දීමක්..

මේ තත්ත්වය නිසා බංගලාව නිත්‍යානුකූලව බාර ගැනීම කළ නොහැකිව ඇතැයි පවසන අමාත්‍යංශ නිලධාරිහු මේ කටයුතුවලදී අමාත්‍යාංශ නිලධාරීන්ට ඇයගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන තත්වයක්ද පෙනෙන්නට ඇතැයි ප්‍රකාශ කළහ.

මේ අතර හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ බංගලාව ලබන 12 වැනිදා බාර දෙන බව ඒ මහතාගේ දියණිය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.