විදුලි මිල සංශෝදනය සහ විදුලි කප්පාදුව ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Sri Lanka Ceylon Electricity Board Kanchana Wijesekera
By Wayomi Aug 07, 2023 07:39 AM GMT
Wayomi

Wayomi

Report

විවිධ සමාජ මාධ්‍යවල පල වූ ආකාරයට විදුලිය සඳහා මිල සංශෝධනයක් සිදුනොවන බවත්, රජයේ ප්‍රතිපත්ති තීරණය වන්නේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීමක් බවත් විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඔහු මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.

එමෙන්ම නියමිත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපයීමට ලංවිම සැලසුම් කර ඇති බවත්, දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාව විදුලිය උත්පාදනය සඳහා භාවිතා වන බවත් ඔහු සඳහන් කරනවා.

ReeCha