විදුලි ඉංජිනේරු වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි වෙයි..රටම අඳුරේ..තීරණය මෙන්න.
By Sewvandhi
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ වර්ජන ක්‍රියාමාර්ගයේ දෙවන අදියර අද (01) සිට ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසනවා. ඒ අනුව පැය 08 සේවා කාලයෙන් බැහැරව, හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු වලින් ඉවත් වන බව, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කළා.
මතභේදයට තුඩු දී ඇති නව බලකොටුව LNG ගණුදෙනුව අවලංගු කිරීම සහ දැනට ක්‍රියාත්මක LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය නොවැම්බර් 25 වන දින මධ්‍යහන 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා.
ලංවිම සංගමයේ ඉල්ලීම් හය මෙසේයි;
- New Fo
- rtress Energy LNG ගනුදෙනුව සමඟ ඉදිරියට යාම
- LNG රැකියා සඳහා ලංවිම මගින් සිදුකෙරෙන විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටිය නතර නොකිරීම
- ලංවිම ගැට ගැසීමේ උත්සාහයන් නැවැත්වීමට
- 1969 අංක 17 දරන මණ්ඩල පනත සඳහායෝජිත සංශෝධන නතර කිරීම
- ලංවිම සාමාන්‍යාධිකාරී තනතුර දේශපාලනීකරණය වීම වැලැක්වීම
- ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු මාරු කිරීම නැවැත්වීම
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |