සූර්ය පැනල අකර්මන්‍ය කිරීම පිටුපස විදුලි ගාස්තු වැඩි වෙන ලකුණු!

Shehan
Report this article
විදුලි පාරිභෝගික සංගමය චෝදනා කරන්නේ සූර්ය පැනල අක්‍රිය කිරීම පිටුපස 40%ක විදුලි ගාස්තු වැඩි කිරීමේ උත්සාහයක් ඇති බවයි.
බලශක්ති විශේෂඥ ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන පවසන්නේ, අඩු විදුලි ඉල්ලුමක් ඇති විට සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට එන විදුලිය එහි සමතුලිතතාවයට බාධාවක් නොවන බවයි.
විදුලිබල මණ්ඩලය පෙරේදා(12) ඉල්ලීමක් කරමින්, ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමට, 21 වැනිදා දක්වා වහල මත සූර්ය පැනල පස්වරු 3 දක්වා ක්‍රියාවිරහිත කරන ලෙස ඉල්ලා ඇත.
උත්සව සමයේ අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් පද්ධතියේ සමතුලිතතාව රැක ගැනීමට මෙම පියවර ගත් බව විදුලිබල මණ්ඩලය පවසයි.
පසුගිය පෙබරවාරි 9 වැනිදා දිවයින පුරා විදුලිය ඇනහිටියේ, අඩු ඉල්ලුමකදී වැඩි විදුලි සැපයුමක් ලැබීමෙන් පද්ධතියේ ඇති වූ අසමතුලිතතාව නිසා බව මණ්ඩලය සඳහන් කළේය.
අශෝක අබේගුණවර්ධන අවධාරණය කරන්නේ, සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය පද්ධතියට එකතු කිරීමේදී ආරක්ෂණ පද්ධතියක් නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බවයි.
