විදුලි බිල 15%කින් වැඩි කෙරේ
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.
මේ බව දැනුම් දුන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.
මහජන උපදේශන ක්‍රියාවලියෙන් පසුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාළ සමාලෝචන ක්‍රියාවලිය අවසන් කර ඇති බව එම කොමිසම සඳහන් කළේය.
වසරේ දෙවන අර්ධය සදහා විදුලි ගාස්තු සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබුණි.
ජයනාත් හේරත් මහතා සඳහන් කරන්නේ කුඩා පරිභෝජන සහ ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.
එසේම ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට 8%ක් වැඩිවීමක් සිදුව තිබෙනවා.
ඒ අනුව රු 75ට තිබු මාසික ගාස්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට රු 80ක් බවට පත්වනවා.
