විදුලි ගාස්‍තුව දැනෙන ගානකින් අඩු කරයි?. ඒ ගැන ගත් තීරණය..

Election Commission of Sri Lanka Sri Lanka Sri Lanka Cabinet Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By krishani May 16, 2023 05:01 AM GMT
krishani

krishani

Report

ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ (15) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දෙනු ලැබීය.

ඒ අනුව සියයට 3 ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

විදුලි ජනන දත්ත සහ විකුණුම් දත්ත, ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් මෙන්ම මෙම වසරේ විදුලි ජනන සැළසුම හා අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් එම යෝජනාව සකස් කර ඇති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ය.

ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය.

විදුලි නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම් මේ වනවිට පහත වැටී ඇති අතර ඩීසල්, පෙට්‍රල්, ගල් අඟුරු මිල ද පහත වැටී තිබෙනවා.

එමෙන්ම විදුලි ඉල්ලුම ද සියයට 18 කින් පමණ අඩු වී ඇති අතර පවතින තත්ත්වය හමුවේ සියයට 20 කින් පමණ විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join