විදුලි බිල ඉහළට - ඉහළ ගිය විදුලි ගාස්තු, වැඩි වුණේ මෙහෙමයි.. (PHOTOS/UPDATE)
UPDATE :-
විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව බින්දුවේ සිට 30 දක්වා ඒකකයක් සඳහා රුපියල් 10ක් ව පැවති ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම 150ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 ක් දක්වා ඉහළ නංවා ඇති අතර 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක්ව පැවති ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමට අවසර ලබා දී ඇත.
එහි ස්ථාවර ගාස්තුව ද රුපියල් 300 සිට 360 ක් දක්වා ඉහළ නැංවීය.
61 සිට 90 දක්වා ඒකකයක් සඳහා රුපියල් 35 ක් ව පැවති ගාස්තුව රුපියල් 41ක් දක්වා ඉහළ දමා ඇත.
එහි ස්ථාවර ගාස්තුව රුපියල් 480ක් දක්වා ඉහළ දමා ඇත්තේ රුපියල් 400 සිට වේ.
91 සිට 120 දක්වා ඒකකයක් සඳහා රුපියල් 50ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 59ක් දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් දහසේ සිට 1180 ක් දක්වා ඉහළ නැංවේ.
මේ අතර 121 සිට 180 ක් දක්වා ඒකකයක් සඳහා රුපියල් 50 ක්ව පැවති ගාස්තුව ද රුපියල් 59 ක් දක්වා ඉහළ යයි.
එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1,770 ක් දක්වා වැඩි වන අතර ඒකක 181න් ඉහළ විදුලි පරිභෝජනය කරන්නන් සඳහා ඒකකයක් සඳහා පැවති රුපියල් 75ක ගාස්තුව රුපියල් 89ක් දක්වා වැඩි වේ.
එහි ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 සිට ඉහළ දමා ඇත්තේ රුපියල් 2,360 ක් දක්වා ය.
කෙසේ වෙතත්, මෙලෙස ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ 2023 වසරේ තුන්වන වරට වීම විශේෂත්වයක් වේ.
--------------------------------------------------
අද (20) සිට විදුලි බිල ඉහළ නැංවීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.
ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අද දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
මේ අතර සියයට 18ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති බවට වාර්තා වේ.
එමෙන්ම යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ මහජන අදහස් විමසීමේ වැඩසටහන ද පසුගිය 18 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණ.
කෙසේ වෙතත්, ඉහළ දැමු ප්‍රතිශත ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව එම කොමිසම සඳහන් කළේ ය.