ඇත්තටම විදුලි ගාස්තුව 20%කින් අඩු කළා ද? මේ ගැන සත්‍ය කතාව මෙතනින් දැනගන්න.
විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ප්‍රකාශ කර ඇත.
මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා කියා සිටී.
විදුලිබල පනතේ සඳහන් වන්නේ වියදමට සරිලන විදුලි බිලක් ස්ථාපිත කළ යුතු බව යැයි කී හෙතෙම ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම යන ආයතන දෙකම මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටතේ යැයි අවධාරණය කරන ලදී.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය නිර්දේශ ලෙස හඳුන්වමින්ද එම නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බව සඳහන් කරමින් ලංවීම නිවේදනයක් නිකුත් කිරීම ගැන කළ විමසීමට පිළිතුරු දෙන ලදී.
සමස්තයක් ලෙස සියලුම කාණ්ඩවලට අයත් විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ (17) තීන්දුවක් ගත් අතර එය එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යැයිද එම කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා කොළඹදී නිල වශයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලදී.
මහජන උපයෝගිතා කොමිසම මෙම තීරණය ගත්තේ 2025 මුල් මාස 6 සඳහා මෙතෙක් පැවැති ගාස්තු එලෙසම පවත්වාගෙන යෑම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ පසු බිමක් තුළය.
මෙසේ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධන යෝජනාව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රති යෝජනාව හා ඒවා සම්බන්ධයෙන් සිදු කළ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලිය ගාස්තු 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තීරණය කළ බව ඔහු ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව සිකුරාදා දින (17දා) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය වන බව කීවේ මේසේය.
නව විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඒකක 0 – 30 අතර ගෘහස්ථ කාණ්‍ඩයේ රුපියල් 100ක් වූ මාසික ගාස්තුව රුපියල් 75 දක්වාත්, ඒකකයක් සඳහා අය කළ රුපියල් 6ක් වූ ගාස්තුව රුපියල් 4ක් දක්වා අඩු වන බවත් ඒකක 31 60ත් අතර රුපියල් 250ක් වූ මාසික ගාස්තුව රුපියල් 200 දක්වාත්, ඒකකයත් සඳහා අය කළ රුපියල් 9ක් වූ ගාස්තුව රුපියල් 4 දක්වාත් අඩු වන බවත් හෙතෙම සඳහන් කරන ලදී.
පනතේ ප්‍රතිපාදන අනුව අවසාන නිගමනය මෙය වන අතර, සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට නීත්‍යනුකූලව මෙම විදුලිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත්, නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බැඳී සිටින බවත් ප්‍රකාශ කළේය.
ලංකා විදුලි පෞද්ගලික සමාගම පෙර ගෙවුම් ගාස්තු ක්‍රමයක් යෝජනා කර තිබූ බවත් එය අප්‍රේල් මාසයේදී පමණ ක්‍රියාත්මක විය හැකි බවත් සඳහන් කළ ඒ මහතා ඊට කැමැති ලෙකෝ විදුලි පාරිභෝගිකයන්ට මෙම ක්‍රමයට අනුගත විය හැකි බවත් පවසන ලදී.
මෙය සරල ක්‍රමයක් බවත් පෙර ගෙවුම් අනුව ඒකක 90 ඒකකයක් සඳහාම රුපියල් 14ක්ද, ඒකක 90 වැඩි ඒකකයක් සඳහා රුපියල් 52ක ගාස්තුවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ බවද කියා සිටී.
You May Like This Video