විදුලි බිල ජනතාවට දැනෙන ප්‍රමාණයකින් සංශෝධනය කරයි..!!තව පැය කිහිපයකින් වෙන්න යන දේ මෙන්න..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Kanchana Wijesekera
By Aruna Feb 21, 2024 05:57 AM GMT
Aruna

Aruna

Report

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 18%කින් අඩු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වනවා ජල විදුලි නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් මෙතරම් ප්‍රතිශතයකින් මිල පහළ දැමීමට මණ්ඩලය සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ වැඩි කාලයක් තිස්සේ ප්‍රමාණවත් වර්ෂාපතනයක් විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවලට ලැබුනු අතර ඉන් උපරිම මට්ටමෙන් ජල විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබීම ද විශේෂත්වයක්.

ඒ අනුව විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යෝජනා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතට ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වෙන් සිටී.

මේ අනුව, විදුලි බිල අඩුකිරීමේ යෝජනා ඉදිරි දින දෙක තුළ ලංවිම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට භාරදෙන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ.

මේ අනුව බොහෝ විට, හෙට දිනයේ එම යෝජනාව ඉදිරි පත් කරනු ඇතැයි අපේක්ෂා වෙන් සිටියි.