විදුලි බිල අඩු කිරීම ගැන අලුත්ම ආරංචියක්..යළි මිල සූත්‍රයක් එයි.

Report

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

දැනට පවතින මිල සූත්‍රය අනුව එම යෝජනාවලිය සකස් කර තිබෙන බවයි පැවසෙන්නේ.

මහජන උපයෝගීතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය ලබාදීමෙන් පසු විදුලි බිල අඩුකිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර බලශක්ති අමාත්‍යංශය පවසන්නේ, පුරප්පාඩු වී ඇති මහජන උපයෝගීතා කොමිසම සඳහා සාමාජිකයන් නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතිබවයි.

විදුලි බිල අඩුකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මෙලෙස යෝජනාවක් ඉදිරිපත් කරනුයේ මෙම වසරේ තෙවන වරට වීම ද විශේෂත්වයක්.