දිස්ත්‍රික්ක 15ක නාමයෝජනා 100කට අධිකව ප්‍රතික්ෂේප කෙරේ..!

Report

 පළාත් පාලන ආයතන රැසකට ප්‍රධාන දේශපාලන පක්ෂ භාරදුන් නාමයෝජනා පත්‍ර රැසක් ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක 15ක පමණ ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසය හාලිඇළ ප්‍රාදේශීය සභාව සඳහා ලබාදුන් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබුණු අතර එහි අපේක්ෂකයින් ඒ බව දැනගැනීමෙන් අනතුරුව හඬා වැටුණි. 

 හෙලිකොප්ටරය ලකුණින් යුත් නිදහස් ජනතා සන්ධානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී තිබු අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී ඇත.

මේ අතර, රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය කන්තලේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප විය.

දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩායම් 03ක් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා කලවාන ප්‍රාදේශීය සභා දෙක සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර 06 ක් ද ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now