පොලිසිය සතේට දමා..මැතිවරණ නීති කැලේ දමා.. වාදන කණ්ඩායමුත් සමගම මැතිවරණ පෙළපාළි..

Election Commission of Sri Lanka Nuwara Eliya Palany Thigambaram Local government Election
By Sewvandhi Oct 21, 2024 12:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මස්කෙලිය නගරයේදි සමගි ජන බලවේගය යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන දමිල ප්‍රගතිශිලි සන්ධානයේ මන්ත්‍රිවරුන් (20) දින පස්වරුවේ රථ වාහන ඇතුළු පෙලපාලියක් පැවැත්විණ.

එම සන්ධානයේ නියෝජ්‍ය නායකවරුන් වන පලනි දිගම්බරම්, වි.රාධාක්‍රිෂ්ණන්, එම්.උදයකුමාර් යන මහතුන් මස්කෙලිය පි.එම්.ඩි ශාලාවේදි පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකට සහභාගි විම සදහා මස්කෙලිය පොලිසිය ඉදිරිපිටට පැමිණි අවස්තාවේ එම සන්ධානයට සහය දක්වන වතුකරයේ ආධාරකරුවන් විසින් වාදන කණ්ඩායම් සහිතව පෙලපාලියකින් අපෙක්ෂකයන් තිදෙනාව උත්සව ශාලාව වෙත රැගෙන යනු ලැබුහ.

මස්කෙලිය ව්‍යාපාරික ප්‍රජාව කියා සිටින්නේ, එම රැස්විම අවසන් විමෙන් පසු දමිල ප්‍රගතිශිලි සන්ධානයේ අපෙක්ෂකයන්ව රථ වාහන පෙලපාලියකින් මස්කෙලිය නගර පුරා රැගෙන ගිය අතර, එය මැතිවරණ නිති උල්ලංඝනය කිරිමක් බවයි.

එම රථ වාහන පෙලපාලිය නතර කිරිමට මස්කෙලිය පොලිස් ස්ථානයේ කිසිදු නිලධාරියෙකු කටයුතු නොකල බවද ව්‍යාපාරිකයන් පැවසිය.