අස්ගිරි අනුනාහිමි තෝරන ඡන්දය හෙට පැවත්වේ

Report

පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය හෙට (28) පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොය ගේ හිදී පැවැත්වෙන අතර අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිලවරණය සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමියන් දහනව දෙනකු (19) ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මෙන්න - සිසුන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය

අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධූරයේ වැඩ විසු ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත්වීම හේතුවෙන් මෙම අනු නායක ධූරය පුරප්පාඩු වූ අතර මේ වන විට අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගණය රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය නාරම්පනාවේ ආනන්ද නා හිමි මෙම ධූරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට දැහැත් ලබා දී ඇත.

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් - ජනතාවට ස්තූති කරන රනිල්

ඇප ගත්ත හැටියේම රනිල්ට හදිසි හෘද සැත්කමක් - ජනතාවට ස්තූති කරන රනිල්

පල්ලකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම අස්ගිරි මහා පිරිවෙනි හිටපු පිරිවෙනාධිපති ලෙස කටයුතු කරනු ලැබුවේ නාරම්පනාවේ ආනන්ද නාහිමියන්ය වන අතර අස්ගිරි පාර්ශ්වයේ අනු නායක පදවි දෙකක් පවතින අතර ඉන් එක් පදවියක වර්තමානයේ වැඩසිටින්නේ වේඬරුවේ උපාලි නාහිමියන් ය.

නාවික හමුදා සෙබළෙක් ඇයි මෙහෙම අපරාධයක් කලේ? පැහැරගෙන ගිහින් මරන්න තරම් ?

නාවික හමුදා සෙබළෙක් ඇයි මෙහෙම අපරාධයක් කලේ? පැහැරගෙන ගිහින් මරන්න තරම් ?