හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා, සරත් වීරවංශටත් ඇප
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) දින නියෝග කර තිබෙනවා.
ඒ අනුව රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත ඉකුත් 15වන දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණා.