ලංකාව බලන් ඉන්න පා. මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට විරුද්ධව බදුල්ල මහාධිකරණයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි, චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකටත් ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකටත් වැරදිකරු බවට තීරණය කර ඇත.
එහෙත් රියදුරු බන්දුල රත්නායක ජීවිතක්ෂයට පත්ව ඇති බව හෙළි වී ඇත.
ඒ අනුව, දඬුවම් නියම කිරීම අද (28) දිනට යෙදී ඇත. ඉකුත් 2019 වසරේ පෙබරවාරි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී හෙළි විය.
එමෙන්ම පැමිණිල්ල සඳහන් කළේ තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මග හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි.