මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

Report

2024 ජනාධිපතිවරණයට අදාළව ගතවූ පැය 24 තුළ තවත් පැමිණිලි 184ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 01ක්, නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව 181ක් සහ වෙනත් පැමිණිලි 02ක් ලෙසින් එම පැමිණිලි වාර්තා වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව සඳහන් කර ඇත.

ඒ අනුව ජූලි 31 වැනිදා සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 4215ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලැබී ඇති සමස්ත පැමිණිලි අතරින් 3641ක් විසඳා ඇති බව වාර්තා වේ.

එමෙන්ම, තවත් පැමිණිලි 574ක් විසදීමට ඇති බවත් එම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.