මෙරට ප්‍රධාන වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්..මේ ගැන සැලකිල්ලෙන් ඉන්න..

Election Commission of Sri Lanka Election Technology
By Aruna Aug 10, 2024 03:30 AM GMT
Aruna

Aruna

Report

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසා සිටිනවා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි, එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා සඳහන් කළේ.

මත්පැන් පාවිච්චි කරන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්..කරන්න යන අලුත්ම දේ මෙන්න.

මත්පැන් පාවිච්චි කරන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්..කරන්න යන අලුත්ම දේ මෙන්න.


මේ අතර, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ නිලධාරී කණ්ඩායම් යොමු කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයතන මැතිවරණ නීති උල්ලංඝණය කරන බවට පැමිණිලි ලැබෙමින් තිබේ.

ඒවා නතර කරන ලෙසට දුන් උපදෙස් ක්‍රියාත්මක නොකරන අවස්ථාවලදී අදාළ කණ්ඩායම් යොමු කර තත්ත්වය සොයා බලා පාලනය කිරීමට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර මැතිවරණ නීතී උල්ලංඝණය කරමින් කටයුතු කළ අමාත්‍යාංශ දෙකක ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා කරුණු විමසා ඇත.

වැඩි කළ වැටුප් සහ දීමනාව ගැන විශාල පිරිසකට සතුටුදායක ආරංචියක්..

වැඩි කළ වැටුප් සහ දීමනාව ගැන විශාල පිරිසකට සතුටුදායක ආරංචියක්..


ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයට අනුව සියලු රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතුව ඇති බව දන්වා තිබේ.

එසේ නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ.

ReeCha