අපේක්ෂකයින් 04ක් සස්බන්ධයෙන් මාතරදී අද සිදු වූ දෙයක්..
මහ මැතිවරණය සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (එන්ඩීඑෆ්) විසින් නම් කරන ලද මාතර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් හතර දෙනෙකු තම කැමැත්තෙන් තොරව තම නම් යෝජනා කර ඇති බව කියා සිටිති.
මේ සම්බන්ධයෙන් අපේක්ෂකයින් සිව්දෙනා දෙනියාය පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇති බව ඩේලි නිව්ස් වාර්තා කරයි.
තම කැමැත්තෙන් හෝ අනුදැනුමකින් තොරව තම නම නාමයෝජනා පත්‍රයට ඇතුළත් කර ඇති බවත්, තැපැල් දෙපාර්තමේන්තුව මගින් ලබාදුන් ඡන්ද දැන්වීම් පත්‍රිකා සමඟ අපේක්ෂකයින්ගේ නාම ලේඛනය ලැබීමෙන් පසු ඒ පිළිබඳව තමන් දැනුවත් කළ බවත් එම අපේක්ෂකයින් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මෝටර් රථ ලකුණින් තරග කරන ජාතික නිදහස් පෙරමුණ මාතර දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ අපේක්ෂක ලැයිස්තුවේ නම් ඇතුළත්ව සිටි තරංග දේශප්‍රිය, චමල් ලසන්ත, නිශාල් ප්‍රිනයන්ත සහ ප්‍රසාද් උදය විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි.
පොලිසිය විසින් මාතර පොලිස් අධිකාරී කාර්යාලයේ මැතිවරණ කාර්යාලය වෙත පැමිණිල්ල යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් මාතර තේරීම්භාර නිලධාරිවරයාට පැමිණිල්ලක් කරන ලෙස ද අපේක්ෂකයින් සිව්දෙනාට උපදෙස් දී තිබේ.