රංජන් සහ ජනපති අනුර අතර හුවමාරු වූ ලිපියක් සමාජ මාධ්‍ය කළඹයි..

By Aruna Oct 31, 2024 06:23 AM GMT
Report

ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂක රන්ජන් රාමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ ජාල වල හුවමාරුවෙමින් පවතිනවා.

ඔහු එමඟින් ඉල්ලා ඇත්තේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණය වසර දෙකකින් අඩු කරන ලෙසයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා කියා සිටියේ, එම ලිපිය සමාජ ජාලවල හුවමාරුවීම සම්බන්ධයෙන් වහා අවධානය යොමු කළ යුතු බවයි.

හින්දු බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් සහ හරසරින් සමරනු ලබන දීපවාලි දිනය අදයි..

හින්දු බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් සහ හරසරින් සමරනු ලබන දීපවාලි දිනය අදයි..


අදාළ ලිපිය ජනාධිපතිවරයාට රහසේ දුන් එකක් නොවන නමුත් එය සමාජ ජාලාවලට ගියේ කෙසේදැයි සොයා බැලිය යුතු බවයි හෙතෙම කියා සිටියේ.

නමුත් එය තමන්ට නොතේරෙන්නේ නැතැයිද පැවසූ ඔහු තම පක්ෂයට අද බොහෝ දෙනෙක් බිය වී සිටින බව ද  ප්‍රකාශ කළේ ය.