ඉදිරි මාස කිහිපයේදී ලංකාවට එන්න යන දරුණු දේශගුණික අවදානම මෙන්න

Report

ශ්‍රී ලංකාව දේශගුණික විචල්‍යතාවන්ට ඉතා සංවේදී රටක් වන බැවින්, ගෝලීය දේශගුණික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වය හේතුවෙන් වර්ෂාපතන රටාවන්හි වෙනස්වීම්, අධික උෂ්ණත්වය, නියඟ සහ ගංවතුර වැනි ආපදා අවදානම් ඉහළ යාමක් ඇතිවිය හැකි බව රජය පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ආර්ථික හා සමාජ ක්ෂේත්‍ර රැසකට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවද සඳහන් වේ.

මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා, විද්‍යාත්මක පුරෝකථන මගින් මේ වසරේ අගභාගයේ සිට එල් නිනෝ තත්ත්වය තවදුරටත් බලපෑම් කළ හැකි බවට හඳුනාගෙන ඇති බැවින්, ඒ සඳහා කඩිනම් හා සම්බන්ධීකෘත ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රජය විසින් අවධාරණය කර ඇත.

උසස් පෙල විභාගය කල් දමන්නැයි නඩු - දරුවන්ට ඉගෙනගන්න දවස් මදියි

උසස් පෙල විභාගය කල් දමන්නැයි නඩු - දරුවන්ට ඉගෙනගන්න දවස් මදියි

ඒ අනුව, රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජා සංවිධාන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ජාතික මට්ටමේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩල අනුකමිටුව එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි ජල, විදුලි සහ ආහාර අර්බුද කළමනාකරණය කිරීම, ඒකාබද්ධ රාජ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය කිරීම සහ මහජනතාව දැනුවත් කරමින් ආපදා අවදානම් අවම කිරීම සඳහා කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇත.

එම අනුකමිටුවේ සභාපතිත්වය පරිසර අමාත්‍ය (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා විසින් දරන අතර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය (වෛද්‍ය) සුසිල් රණසිංහ යන මහත්වරුන් එහි සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇත

. නිලධාරි කමිටුව මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට සහාය වීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක්ද පත් කර තිබේ.

එහි සාමාජිකයන් ලෙස අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, වාරිමාර්ග හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ විදුලි උත්පාදන ආයතනයේ ඉහළ නිලධාරීන් ඇතුළත් වෙති.

මෙම කමිටු හරහා එල් නිනෝ බලපෑම් අවම කිරීම සඳහා රටපුරා ඒකාබද්ධ, කඩිනම් හා ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්

රටම බලා සිටි මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ මෙන්න - A 9 ගත්තු අයම 11,795ක්