බිත්තර මිල වෙනස් වෙයි.. අද සිට මෙන්න මේ ගාණට ගන්න පුළුවන්.. බර අනුව මිල මෙන්න..

Report

අද (15) සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි.

ඒ එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ය.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසා සිටියේ, ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගත හැකි බවයි.

බෙංගාල බොක්ක ආයෙත් ලෙසටම කැළඹෙයි?. හෙට.. මොකක්ද මේ ආයෙම වෙන්න යන්නේ..

බෙංගාල බොක්ක ආයෙත් ලෙසටම කැළඹෙයි?. හෙට.. මොකක්ද මේ ආයෙම වෙන්න යන්නේ..

හැමෝටම?. මේ 26ට කලින් ගෙවන්න ඕන.. බදු ගැන දැඩි තීරණයක් මෙන්න..

හැමෝටම?. මේ 26ට කලින් ගෙවන්න ඕන.. බදු ගැන දැඩි තීරණයක් මෙන්න..

එමෙන්ම, ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබෙන බව ද ඔහු පැවසීය.

මෙම මිල ගණන්වලට වෙළෙඳපොළේ බිත්තර සුලභව තිබෙන බවත්, ඊට ඉහළින් ඇති කිසිදු බිත්තරයක් මිලදී නොගන්නා ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ටන් අප්පුහාමි මහතා කියා සිටියේ මෙවැන්නකී,

"ඉදිරි උත්සව සමයේ අපි තීරණයක් අරගෙන තියෙනවා රුපියල් 30 - 35 අතර සිල්ලර මිලට බිත්තරයක් අලෙවි කිරීමට. එමනිසා අද පටන් රුපියල් 35ට අඩුවෙන් බිත්තර අලෙවිකරන මෙන් සෑම සිල්ලර කඩයකින්ම ඉල්ලා සිටිනවා..

2023 මේ කාලසීමාවේ බිත්තරයක් තිබුණේ 65 -70 වගේ මිලකට. නමුත් බිත්තර නිෂ්පාදනය වැඩිවෙලා වෙළෙඳපොළ තුළ අද මිල සමනයකට පත්වෙලා. සියලුම ගොවියන්ගේ බිත්තර නිෂ්පාදන අතිරික්තයක් තිබෙනවා..

රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගතහැකියි ග්‍රෑම් 50 බිත්තරයක්. ග්‍රෑම් 55ට වැඩි බිත්තර ගෙඩිය 33යි..34යි..35යි. ඊට වැඩිය කවුරුත් ගන්න එපා. ඕන තරම් සුලබව විකුණන්න තියෙනවා."

You May Like This Video👇 

.