දෙසැම්බර් වෙනකම් බිත්තර වලට මොකක් වෙයි ද?. තීරණය මෙන්න..

Report

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

දෙසැම්බර් වෙනකම් බිත්තර වලට මොකක් වෙයි ද?. තීරණය මෙන්න.. | Eggs In Sri Lanka

ඒ එළඹෙන දෙසැම්බර් මාසය දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට අවධානය යොමුව ඇති බවයි.

ජනපති සිහිනය දකිමින්, මේ වෙනකම් ඇප තැබුව පිරිස 14ක් දක්වා ඉහළට.. එම පිරිස මෙන්න..(PHOTO)

ජනපති සිහිනය දකිමින්, මේ වෙනකම් ඇප තැබුව පිරිස 14ක් දක්වා ඉහළට.. එම පිරිස මෙන්න..(PHOTO)


ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කළේ බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත්, මේ මාසයේ සිට බිත්තර ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් ය.

එසේ ආනයනය කරන බිත්තරයක් රුපියල් 38ක් හෝ 40ක් වැනි මිලකට අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බව ඒ මහතා පැවසීය.

ඔයාගේ ගෙදර වත්තෙත් නිකම් හැදෙන මෙන්න මේවා තියෙනව ද?. එහෙනම් කල්ල මරේ ආ..

ඔයාගේ ගෙදර වත්තෙත් නිකම් හැදෙන මෙන්න මේවා තියෙනව ද?. එහෙනම් කල්ල මරේ ආ..


එමෙන්ම, දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකිවන පරිදි බිත්තර ආනයනය කිරීමට තීරණය කර තිබෙන බවයි.